පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
963/’19
ගරු මුහම්මදු නසීර් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කරාපිටිය නගර සංවර්ධන වැඩසටහන් යටතේ පසුගියදා රජයට අත්කර ගන්නා ලද ආරච්චිකුඹුර නමැති ඉඩමේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස සලකන ගාල්ල, කරාපිටිය, අනගාරික ධර්මපාල මාවතේ, අංක 87ඒ දරන ස්ථානයේ පදිංචි ඒ. සී. එම්. හසන් මහතාට එම ඉඩමේ වටිනාකම අනුව වන්දි ප්රදානය කිරීම මෙතෙක් සිදුවී නොමැති බව දන්නේද;
(ii) සිය ජීවනෝපාය මාර්ගය හා සම්බන්ධිත එම වාණිජ ඉඩම් කොටසට ප්‍රමාණවත් වන්දියක් ඒ මහතාට ලබාදීමට අපොහොසත් වන තත්ත්වයක් තුළ නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටසක් ඒ වෙනුවෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාරයක් නොදක්වන්නේ මන්ද;
(iii) මේ සම්බන්ධයෙන් සලකා බලා හසන් මහතාට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-26
අසන ලද්දේ
ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
ඒ.සී.එම්. හසන් මහතාගෙන් රජයට පවරාගත් ඉඩම: වන්දි
පිළිතුරු දුන් දිනය
2019-07-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාඨලී චම්පික රණවක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks