E   |     |  

 දිනය: 2021-04-20   පිළිතුර ලබා දී ඇත 

0036/ 2021 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 36/2020 ගරු හේෂා විතානගේ මහතා,— වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2015,2016,2017,2018 සහ 2019 වර්ෂවලදි ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය; (ii) ඒ අනුව, 2015,2016,2017,2018,සහ 2019 වර්ෂ වලදී සහල් ආනයනය සඳහා වැය කර ඇති සම්පූර්ණ මුදල; වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) ඉහත කී වර්ෂවල සහල් ආනයනයේ දී සහල් කිලෝවක් සඳහා අයකරන ලද බදු මුදල; (ii) ඉහත වර්ෂවලදි සහල් ආනයනය සඳහා අය කරන ලද මුළු බදු මුදල් ප්‍රමාණය; වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) ඉහත වර්ෂවලදී සහල් මිල උච්චාවචනය වූයේ කවර ආකාරයෙන්ද යන්න වර්ෂ අනුව වෙන් වෙන් වශයෙන් පූර්ණ වාර්තාවක් එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ඈ) නොඑසේ නම්,ඒ මන්ද?

අසන ලද දිනය

2021-04-20

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2015 - 2019 ‍දක්වා ආනයනය කළ සහල්: අය කළ බදු

පිළිතුරු දුන් දිනය

2021-04-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks