E   |     |  

 දිනය: 2021-05-18   පිළිතුර ලබා දී ඇත 

0039/ 2021 - ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 39/2020 ගරු හේෂා විතානගේ මහතා,— රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ආයතන සංග්‍රහයේ xxii පරිච්ඡේදයේ; (i) 18:2:1 උප වගන්තියට අනුව රාජ්‍ය සේවයේ නියුතු නිලධාරිනියකට සෑම සජිවි දරු උපතක් සඳහාම රජයේ වැඩ කරන දින 84ක සම්පුර්ණ වැටුප් සහිත නිවාඩුවක් හිමි විය යුතු බවත්; (ii) 18:3:1 උප වගන්තියට අනුව දරුවා රැක බලා ගැනිමට දින 84ක අඩ වැටුප් සහිත නිවාඩුවක් හිමි විය යුතු බවත්; (iii) 18:4:1 උප වගන්තියට අනුව අවශ්‍ය නම්, තවත් දින 84ක වැටුප් රහිත නිවාඩුවක් ලබා දිය හැකි බවත්; (iv) ඉහත (i) යටතේ නිවාඩු ගණන් බැලිමේදි නිවාඩු කාලය තුළ ඇති සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු ඇතුළත් නොකළ යුතු බවත්; එතුමා දන්නෙහිද? (ආ) (i) එසේ වුවද, එවකට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද උපාධීධාරී පුහුණු වැඩසටහන යටතේ බඳවා ගත් නිලධාරීනියන්ට ලබා දී ඇති පත්වීම් ලිපි අනුව ඔවුන්ට ලබා දෙනු ලබන්නේ සති 06ක ප්‍රසුත නිවාඩුවක් බව පිළිගන්නේද‍; (ii) ඔවුන්ට ආයතන සංග්‍රහය අනුව හිමිවිය යුතු ප්‍රසුත නිවාඩු ලබා දීමට පියවර ගන්නේද; (iii) එසේ නම්, කවර දිනයක සිටද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2021-05-18

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උපාධිධාරි පුහුණු වැඩසටහන යටතේ බඳවා ගත් රාජ්‍ය නිලධාරිනියන්: මාතෘ නිවාඩු හිමිකම

පිළිතුරු දුන් දිනය

2021-05-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks