E   |     |  

 දිනය: 2021-12-03   පිළිතුර ලබා දී ඇත 

0077/ 2021 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 77/2020

      ගරු හේෂා විතානගේ මහතා,— වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         ‍(i)       සමූපකාර තොග වෙළඳ සංස්ථාව විසින් ආරම්භ කරන ලද “ගමට සවිය - සතොස බඩිය” ජංගම අලෙවි වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;

                   (ii)       එම වැඩසටහන ආරම්භ කිරීමට පෙර නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර තිබේද;

      (iii) නොඑසේ නම්, එම වැඩසටහන ආරම්භ කිරීමේ අවශ්‍යතාවය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) එම වැඩසටහන සඳහා යොදවන ලද වාහන සංඛ්‍යාව කොපමණද;

      (ii) එය ක්‍රියාත්මක  කරන ලද කාල වකවානුව කවරේද;

      (iii) එම වැඩසටහන සඳහා දරන ලද මුළු වියදම කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2021-12-03

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks