E   |     |  

 දිනය: 2021-06-08   පිළිතුර ලබා දී ඇත 

0246/ 2021 - ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 246/2020

      ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂයක් තුළ —

                    (i)       ශ්‍රී ලංකාවට  ආනයනය කළ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණය කොපමණද;

                   (ii)       ඒ සඳහා වැය වූ මුදල කොපමණද;

                  (iii)       එම  කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන  ආනයනය කළ රටවල් කවරේද;

      (iv) එම  කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන  ආනයනය කළ සමාගම්වල නම් කවරේද;

      යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-06-08

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2015-2019 දක්වා ආනයනය කළ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන: විස්තර

පිළිතුරු දුන් දිනය

2021-11-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks