E   |     |  

 දිනය: 2020-09-25   පිළිතුර ලබා දී ඇත 

0303/ 2020 - ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 303/2020

      ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන සඳහා වූ රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා ඇති පසුබිමක —

                    (i)       ශ්‍රී ලංකාව තුළ බහු විවෘත විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට රජය අරමුණු කර තිබේද;

                   (ii)       රජය විසින් දුරස්ථ ‍ඉගෙනුම් අවස්ථා පුළුල් කිරීමට අදහස් කරන්නේ, උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන කවර කණ්ඩායම් ඉලක්ක කරගෙනද;

      (iii) දුරස්ථ අධ්‍යාපන අවස්ථා  සඳහා සහනාධාර ලබා දීමට ඉදිරියේදීත් රජය පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

      (ආ) (i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා එහි අරමුදල් යටතේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තවදුරටත් ක්‍රියාත්මක වන්නේද;

      (ii) නොඑසේ නම්, එය පාලනයට නතු කරනු ලබන අධිකාරිය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

      (ඇ) (i) ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහා වෙන් කර ඇති අරමුදල් ප්‍රමාණය කොපමණද;

      (ii) විශ්වවිද්‍යාලය සඳහා දරනු ලබන වියදමින් රජය විසින් දරනු ලබන ප්‍රමාණය කොපමණද;

      යන්න තවදුරටත් එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2020-09-25

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විවෘත විශ්වවිද්‍යාලයේ කටයුතු: අරමුදල්

පිළිතුරු දුන් දිනය

2020-12-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks