E   |     |  

 දිනය: 2021-01-19   පිළිතුර ලබා දී ඇත 

0556/ 2021 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 556/2020 ගරු අශෝක් අබේසිංහ මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ ප්‍රධාන ජල යෝජනා ක්‍රම සංඛ්‍යාව කොපමණද; (ii) එම යෝජනා ක්‍රම මඟින් ආවරණය වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව කොපමණද; (iii) එමඟින් ආවරණය වන ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iv) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ග්‍රාම නිලධාරි වසම්වල නම් වෙන් වෙන් වශයෙන් කවරේද; (v) එම ජල යෝජනා ක්‍රම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය එක් එක් යෝජනා ක්‍රමය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද; (vi) එම ජල යෝජනා ක්‍රම අවසන් කිරීමට නියමිත කාල සීමාව එක් එක් යෝජනා ක්‍රමය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑස් නම් ඒ මන්ද?

අසන ලද දිනය

2021-01-19

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජල යෝජනා ක්‍රම: විස්තර

පිළිතුරු දුන් දිනය

2021-04-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වාසුදේව නානායක්කාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks