E   |     |  

 දිනය: 2020-11-06   පිළිතුර ලබා දී ඇත 

0608/ 2020 - ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 608/2020 ගරු ගයන්ත කරුණාතිලක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (අ) (i) රජයේ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් නියාමනයක් සිදු කරනු ලබන්නේද; (ii) එම නිවාස සම්බන්ධයෙන් ප්‍රමිතියක් තිබේද; (iii) එසේ ප්‍රමිතියට අනුකූල නොවන වැඩිහිටි නිවාස නවීකරණය කිරීම සඳහා පියවර ගනු ලබන්නේද; යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එක් එක් වැඩිහිටි නිවාස අතරින් රජය, පුද්ගලික අංශය සහ රජය හා පුද්ගලික අංශය ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබන වැඩිහිටි නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-06

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

2020-11-30

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks