07

E   |     |  

 දිනය: 2021-11-17   පිළිතුර ලබා දී ඇත 

0632/ 2021 - ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 632/2020

      ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මඩකළපුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කලවංචිකුඩි මූලික රෝහල සහ      අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දෙහිඅත්තකණ්ඩිය රෝහල පළාත්      අමාත්‍යාංශය යටතේ එකම අවස්ථාවේදී උත්ශ්‍රේණි ගත කරන ලද බවත්;

      ‍ (ii) ඒ අතරින් දෙහිඅත්තකණ්ඩිය රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට  පියවර ගනිමින් පවතින නමුත් කලවංචිකුඩි රෝහල තවමත් පළාත් අමාත්‍යාංශය යටතේ පවතින බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) කලවංචිකුඩි රෝහල මේ වනතෙක් මධ්‍යම රජය යටතට පවරා නොගැනීමට හේතු කවරේද;

      (ii) කලවංචිකුඩි රෝහලේ මානව හා භෞතික සම්පත් හිඟයක් පැවතීමට හේතු කවරේද;

      (iii) එම හිඟයන් සම්පූර්ණ කිරීමට කඩිනම් පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-11-17

අසන ලද්දේ

ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කලවංචිකුඩි රෝහල: සම්පත් හිඟය

පිළිතුරු දුන් දිනය

2021-11-17

විසින් පිළිතුරු දෙන ලදී

ජොන්ස්ටන් ප්‍රනාන්දු





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks