බලන්න

E   |     |  

 දිනය: 2021-11-25   පිළිතුර ලබා දී ඇත 

0647/ 2021 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 647/2020

      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       කන්තලේ සහ කවුඩුල්ල ජලාශ වෙත ජලය සැපයීමකින් තොරව ඉහළ ඇලහැර වේල්ල හරහා ජලය ගෙන යාමට සැලසුම්කර ඇති බවත්;

                     (ii)       ජනරංජන වැවට ආසන්නයෙන් මහවැලි ග‍‍ඟෙහි ජලය පොම්ප කිරීමෙන් මොරගහකන්ද ජලාශයේ ජලය කන්තලේ හා කවුඩුල්ල ජලාශ වෙත යොමු කරන බවත්;

      (iii) කන්තලේ හා කවුඩුල්ල ජලාශ මීටර් 25ක් පමණ උසින් හා පොම්පාගාරයේ සිට කි.මි. 60ක් පමණ දුරකින් පිහිටීම හේතුවෙන් එම ජලාශ මඟින් පෝෂණය කරනු ලබන අක්කර 2500ක පමණ වගාබිම් වෙත ජලය පොම්ප කිරීම සඳහා වාර්ෂිකව රු.මි. 600ක් පමණ වැය වන බවත්;

      (iv) වෑමැඩිල්ල ජලාශයේ සිට වයඹ පළාත දක්වා වූ පෝෂක ඇළ ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රමාදයක් පවතින බවත්;

      එතුමා දන්නෙහිද?‍

      (ආ) (i) ඉහත පෝෂක ඇළේ ජලය අපේක්ෂිත මට්ටමට ලඟා වන බවට සහතික වන්නේද;

      (ii) නොඑසේ නම්, දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය මෙන් මෙම ව්‍යපෘතිය ද අවසන් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-11-25

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වෑමැඩිල්ල ජලාශයේ සිට වයඹ පළාත දක්වා පෝෂක ඇළ ඉදිකිරීම: ප්‍රමාදය

පිළිතුරු දුන් දිනය

2021-11-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks