E   |     |  

 දිනය: 2020-11-20   පිළිතුර ලබා දී ඇත 

0653/ 2020 - ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 653/2020 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) හම්බන්තොට එල්ලල රක්ෂිතය, හොරොව්පතාන රත්මලේ රක්ෂිතය සහ මහදිවුල්වැව අඩියාහින්න රක්ෂිතය ඇතුළු රක්ෂිත වනාන්තර කිහිපයක වන විනාශයන් සිදු කර තිබෙන බව එතුමා දන්නෙහිද? (ආ) (i) එසේ නම්, එම වන විනාශයන් සිදු කළ පුද්ගලයන්ට විරුද්ධව පියවර නොගැනිමට හේතු කවරේද; (ii) එම රක්ෂිතවල විනාශ කර ඇති වන භූමි ප්‍රමාණය හෙක්ටයාර්වලින් කොපමණද; (iii) මේ වනවිට වන විනාශය රැල්ලක් ලෙස ශ්‍රී ලංකාවේම ව්‍යාප්තවීමට හේතු කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-20

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

2020-12-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks