E   |     |  

 දිනය: 2021-12-02   පිළිතුර ලබා දී ඇත 

0714/ 2021 - ගරු මයන්ත දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 714/2020

      ගරු මයන්ත දිසානායක මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති  ඉඩම් ප්‍රමාණය කොපමණද;

                  (ii)       එම ඉඩම් පිහිටි ප්‍රදේශ කවරේද;

                  (iii)       එම ඉඩම් වල පදිංචි වී සිටින පවුල් ඒකක සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඉහත සඳහන් පවුල් ඒකක සඳහා නීත්‍යානුකූල ඔප්පු ලබා දී තිබේද;

      (ii) එසේ නම් ලබා දී ඇති ඔප්පු සංඛ්‍යාව කොපමණද;

      (iii) ඔප්පු ලබා දිය යුතු එහෙත් මේ වනතෙක් ඔප්පු ලබා දී නොමැති පවුල් ඒකක සංඛ්‍යාව කොපමණද;

      (iv) ඉඩම් ඔප්පු නොමැති පවුල් ඒකක සඳහා ඔප්පු ලබා දීමට සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;  

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-12-02

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ඉඩම්: පදිංචිකරුවන්ට ඔප්පු

පිළිතුරු දුන් දිනය

2021-12-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks