E   |     |  

 දිනය: 2020-11-30   පිළිතුර ලබා දී ඇත 

0780/ 2020 - ගරු කාදර් මස්තාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 780/2020 ගරු කේ. කාදර් මස්තාන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) එවකට පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ වවුනියාව ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස අහිමි පුද්ගලයන්ට නිවාස ලබා දෙන බව එතුමා දන්නෙහිද? (ආ) (i) වවුනියාව ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 42 අතරින් නිවාස ලබා දීම සඳහා 2019 වර්ෂයේදී හඳුනාගෙන ඇති ප්‍රතිලාභින් සංඛ්‍යාව කොපමණද; (ii) ඉහත එක් එක් ග්‍රාම නිලධාරි වසම සඳහා මේ වනතෙක් ලබා දී ඇති නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iii) එම නිවාසලාභින්ගේ නම් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) එක් එක් ග්‍රාම නිලධාරි වසම සඳහා නිවාස වෙන් කරන පදනම කවරේද; (ii) කල්ලිකුලම් ග්‍රාම නිලධාරි වසමේ මුල් පදිංචිකරුවන්ට සහ පසුව පදිංචි කරවනු ලැබූ අයට නිවාස වෙන් කිරීමේදී පදනම් කර ගනු ලැබූ සාධක කවරේද; (iii) එම නිවාස වෙන් කිරීමේදී පැන නැගී ඇති ගැටලුව විසඳීමට ගනු ලබන පියවර කවරේද; (iv) මේ වනතෙක් නිවාස ලැබී නොමැති පුද්ගලයන්ට නිවාස ලබා දෙන දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-30

අසන ලද්දේ

ගරු කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වව්නියාව ප්‍රදේශයේ නිවාස යෝජනා ක්‍රමය: නිවාස වෙන් කිරීමේ පදනම

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks