E   |     |  

 දිනය: 2020-12-03   පිළිතුර ලබා දී ඇත 

0781/ 2020 - ගරු කාදර් මස්තාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 781/2020 ගරු කේ. කාදර් මස්තාන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) වර්ෂ 2005 සිට 2015 දක්වා එවකට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා තරුණ කටයුතු අමාත්‍යාංශය වෙත පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් විවිධ රටවලින් සහ ආයතනවලින් ලැබුණු හා මිලදී ගත් වාහන වර්ග, ඒවායේ ලියාපදිංචි අංක සහ ඒවා භාවිතය සඳහා ලබා දෙන ලද රාජ්‍ය හා රාජ්‍ය ‍‍නොවන සංවිධාන වෙන් වෙන් වශයෙන්; (ii) එම වාහනවල වත්මන් ක්‍රියාකාරීත්වය; (iii) මේ වනවිට එම වාහන භාවිතා කරනු ලබන ආයතන; (iv) මේ වනවිට තලෙයිමන්නාරම පොලිසියේ රඳවා ගෙන ඇති WP RB - 2639 ලියාපදිංචි අංකය දරන ට්‍රැක්ටර් රථය භාවිතා කරන ලද අමාත්‍යාංශය හා එහි අදාළ අංශය; කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) වර්ෂ 2009 සිට 2012 දක්වා මැණික් ෆාම් අතරමැදි කඳවුරෙහි භාවිතා කළ වාහනවල වර්ග‍ හා ලියාපදිංචි අංක; (ii) මේ වනවිට එම වාහන භාවිතා කරනු ලබන ආයතනය හා ස්ථානය; වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-03

අසන ලද්දේ

ගරු කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2005 - 2015 දක්වා පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා භාවිත කළ වාහන: වර්තමාන තත්ත්වය

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks