පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
804/2020
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කිළිනොච්චිය දිස්ත්‍රික්කය සඳහා මේ වනතෙක් ප්‍රධාන බස් නැවතුම් පොළක් නොමැති බව එතුමා දන්නෙහිද?
(ආ) කිළිනොච්චිය ප්‍රධාන බස් නැවතුම් පොළ —
(i) ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) ඉදිකිරීම් කටයුතු අතරමග නතර කිරීමට හේතු කවරේද;
(iii) ඉදිකිරීම සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;
(iv) ඉදිකිරීම සඳහා වෙන් කරන ලද මුදලින් මේ වනතෙක් භාවිතා කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ඉහත බස් නැවතුම්පොළ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට වෙන් කරන ලද ප්‍රතිපාදනය කොපමණද;
(ii) එම ප්‍රතිපාදනයට අදාළව වැඩ කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) (i) ඉහත බස් නැවතුම්පොළ ඉදිකිරීම, කරච්චි ප්‍රාදේශීය සභාවේ අනාගත සැලසුම්වලට අනුකූල වන්නේද;
(ii) එසේ නම්, බස් නැවතුම් පොළ ඉදිකිරීමට සමගාමීව පාර පුළුල් කිරීම, වටරවුම ඉදිකිරීම සහ සාප්පු සංකීර්ණය ඉදිකිරීම වැනි යෝජනා ක්‍රියාත්මක කරන්නේද;
යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේනම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-11-26
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks