පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
821/2020
ගරු ශාන්ත බණ්ඩාර මහතා,— කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ පුරවැසියන් විදේශ රටවල සේවය කිරීම මඟින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙන බවත්;
(ii) ගෘහ සේවය සදහා මේ වනවිට විදේශ ගතව සිටින කාන්තාවන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන බවත්;
(iii) නුපුහුණු කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමු කිරීම වෙනුවට පුහුණු පිරිමි ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම සුදුසු බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ගෘහ සේවය සදහා මේ වනවිට විදේශගතව සිටින කාන්තාවන් සංඛ්‍යාව කොපමණද;
(ii) පුහුණු පිරිමි ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) ඔවුන් යොමු කිරීමට මේ වනවිට හඳුනාගෙන ඇති විදේශ රැකියා ක්ෂේත්‍ර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-12-09
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks