E   |     |  

 දිනය: 2021-12-07   පිළිතුර ලබා දී ඇත 

0841/ 2021 - ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 841/2020

      ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මඩකළපුව දිස්ත්‍රික්කයේ, මණ්ඩූර් ප්‍රදේශයේ පිහිටා ඇති උළු කර්මාන්තශාලාව දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින බවත්;

                   (ii)       එම උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමෙන් මණ්ඩූර් ප්‍රදේශයේ ජීවත්වන රැකියා විරහිත ජනතාවට රැකියා අවස්ථා උත්පාදනය කළ හැකි බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) එම උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-12-07

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මඩකළපුව, මණ්ඩූර් උළු කර්මාන්තශාලාව: යළි ආරම්භ කිරීම

පිළිතුරු දුන් දිනය

2021-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks