පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
858/2020
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී, දේශපාලන හිතවත්කම් මත සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් අවභාවිතා කිරීම හා සමෘද්ධි බැංකු කාර්ය මණ්ඩලය සඳහා දේශපාලන පදනමින් පත්වීම් ලබාදීම නීත්‍යානුකූල නොවන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් එවකට අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කර තිබූ බව එතුමා දන්නෙහිද?
(ආ) ඒ සම්බන්ධයෙන් වර්තමාන රජය ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) 2015.01.12 සිට 2015.06.26 කාලය තුළ සමෘද්ධි විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමාත්‍යවරයාගේ කාලයේදී රුපියල් ලක්ෂයේ ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය මුදල;
(ii) එසේ ලබා දුන් ණයවලින් මේ වනවිට අය වී ඇති මුදල;
(iii) තවදුරටත් අයවීමට ඉතිරිව තිබෙන මුදල;
එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) එවකට පැවති රජය දේශපාලන පදනමින් තෝරා ගත් පිරිසක් සඳහා මෙම ණය ලබා දුන් බව එතුමා පිළිගන්නෙහිද?
(ඉ) එසේ සාවද්‍ය ආකාරයෙන් ණය ලබා දීම පිළිබඳව ගනු ලබන පියවර කවරේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඊ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-03-23
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
2021-12-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks