E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0975/ 2021 - ගරු වේලු කුමාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 975/2020

      ගරු වේලු කුමාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       කඳුරට වැවිලි කටයුතු සිදු කරනු ලබන ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා “වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන අධිකාරිය” ස්ථාපිත කර තිබූ බවත්;

                   (ii)       එම ආයතනය වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත් කර ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) එම ආයතනයේ පරිපාලන ව්‍යුහය;

      (ii) එම ආයතනයේ  අරමුණු හා ක්‍රියාකාරකම් වෙන් වෙන් වශයෙන්;

      (iii) එම ආයතනය සඳහා මේ වනවිට පත්වීම් ලබා දී ඇති පුද්ගලයන්ගේ නම්;

      (iv) එම එක් එක් පුද්ගලයාට පත්වීම ලබා දීමේදී සලකා බලන ලද සුදුසුකම් වෙන් වෙන් වශයෙන්;

      කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) (i) එම ආයතනයේ අනාගත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්  සැලසුම් සකස් කර තිබේ ද;

      (ii) එසේ නම්, එම සැලසුම් පිළිබඳව විස්තර කරන්නේද;

      (iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-11-27

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks