E   |     |  

 දිනය: 2021-11-20   පිළිතුර ලබා දී ඇත 

1102/ 2021 - ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1102/2020

      ගරු ජේ.සී. අලවතුවල මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       සුළු අපනයන බෝග වගාකරුවන් අතර ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් විදේශ විනිමය උපයා දෙනු ලබන කරඳමුංගු, කරාඹු නැටි සහ ගම්මිරිස් වගාකරුවන්  සිටින බවත්;

                   (ii)       කරඳමුංගු, කරාඹු නැටි සහ ගම්මිරිස්  යන සුළු අපනයන බෝගවල ගැනුම් මිල පහත වැටෙන අවස්ථාවලදී එම වගාකරුවන්ට අසාධාරණයක් සිදු වන බවත්;

      (iii) ගැනුම් මිල පහත වැටෙන අවස්ථාවලදී, කරඳමුංගු, කරාඹු නැටි සහ ගම්මිරිස්   වගාකරුවන්  එම සුළු අපනයන බෝග වගා කිරීමෙන් ඉවත් වන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) ගැනුම් මිල පහත වැටෙන අවස්ථාවලදී, කරඳමුංගු, කරාඹු නැටි සහ ගම්මිරිස්   වගාකරුවන්  සඳහා සහනාධාර මුදලක් ලබා දීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2021-11-20

අසන ලද්දේ

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කරදමුංගු, කරාබු නැටි සහ ගම්මිරිස් මිල පහත වැටීම: වගාකරුවන්ට මූල්‍ය ආධාර

පිළිතුරු දුන් දිනය

2021-11-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රමේෂ් පතිරණ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks