පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1103/2020
ගරු ජේ.සී. අලවතුවල මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොවිඩ් - 19 වසංගතය හේතුවෙන්, ලීසිං පදනම මත වාහන ලබා ගත් පුද්ගලයන්ට සිය ලීසිං වාරික ගෙවීම සඳහා 2020 මාර්තු සිට මාස 06ක සහන කාලයක් ලබා දුන් බවත්;
(ii) එම සහන කාලය සඳහා ලීසිං සමාගම් විසින් ලීසිං පදනම මත වාහන ලබා ගත් පුද්ගලයන්ගෙන් අධික පොලියක් අය කළ බවත්;
(iii) කොවිඩ් - 19 වසංගතයේ දෙවන ව්‍යාප්තිය හේතුවෙන්, ලීසිං වාරික ගෙවීම සඳහා 2020 ඔක්තෝබර් සිට නැවත වරක් මාස 06ක සහන කාලයක් ලබා දී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) (iii) හි සඳහන් සහන කාලය සඳහාද ලීසිං පදනම මත වාහන ලබා ගත් පුද්ගලයන්ගෙන් පළමු වාරයේදී මෙන් පොලියක් අය කිරීම වැළැක්වීමට පියවර ගන්නේද;
(ii) මුල් සහන කාලය සඳහා පොලියක් අය කිරීම හේතුවෙන් සිදු වූ අසාධාරණය නිවැරදි කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-12-04
අසන ලද්දේ
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලීසිං ගෙවීම් සඳහා ලබා දුන් සහන කාලයට අධික පොලියක් අය කිරීම: වැළැක්වීම
පිළිතුරු දුන් දිනය
2021-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks