E   |     |  

 දිනය: 2021-03-25   පිළිතුර ලබා දී ඇත 

1280/ 2021 - ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1280/2020

      ගරු කුමාරසිරි රත්නායක මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ වාර්ෂික ගම්මිරිස්  අස්වැන්න මෙට්‍රික් ටොන්වලින් කොපමණද;

                   (ii)       ඉහළ ගම්මිරිස් අස්වැන්නක් ලබන දිස්ත්‍රික්ක කවරේද;

                  (iii)       එම එක් එක් දිස්ත්‍රික්කයේ වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ගම්මිරිස් හැර වෙනත් කුළුබඩු වර්ග ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන්නේද;

      (ii) එසේ නම්, ඒවා කවරේද;

      (iii) එම එක් එක් කුළුබඩු වර්ගයේ වාර්ෂික අවශ්‍යතාවය සහ ආනයනය කරනු ලබන ප්‍රමාණය මෙට්‍රික් ටොන්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

       

      (iv) ආනයනය කරනු ලබන කුළුබඩු වර්ගවල දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගනු ලබන පියවර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-03-25

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගම්මිරිස් අස්වැන්න: විස්තර

පිළිතුරු දුන් දිනය

2021-11-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජානක වක්කුඹුර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks