E   |     |  

 දිනය: 2021-12-04   පිළිතුර ලබා දී ඇත 

1334/ 2021 - ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1334/2020

      ගරු කේ.පී.එස්. කුමාරසිරි මහතා,— සෞඛ්‍ය  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජයේ ආයුර්වේද රෝහල්;

                   (ii)      එම රෝහල් සඳහා අනුමත ආයුර්වේද වෛද්‍යවරුන්, මේ වනවිට සේවය කරනු ලබන වෛද්‍යවරුන් සහ පවතින වෛද්‍ය පුරප්පාඩු;

      (iii) එම‍ රෝහල්වල අනෙකුත් තනතුරුවල පවතින පුරප්පාඩු;

      සංඛ්‍යාව කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) දිස්ත්‍රික්කයේ සිටින ලියාපදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයන් සංඛ්‍යාව කොපමණද;

      (ii) ඔවුන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;

      (iii) නව පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයන් ලියාපදිංචිය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      (iv) පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම සඳහා වෛද්‍ය විද්‍යාල ස්ථාපනය කිරීම සඳහා සැලසුම් කර තිබේද;

       

      (v) එසේ නම්, එම සැලසුම් කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ආයුර්වේද ඔසු උයන් සංඛ්‍යාව කොපමණද;

      (ii) දිස්ත්‍රික්කයේ ස්ථාපනය කිරීමට යෝජිත නව ආයුර්වේද ඔසු උයන් සංඛ්‍යාව කොපමණද;

      (iii) දේශීය ඔසු වර්ග නිෂ්පාදනය සහ පර්යේෂණ සඳහා වැඩපිළිවෙළක් සකස්කර තිබේද;

      (iv) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

      යන්න වැඩිදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2021-12-04

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආයුර්වේද රෝහල් සහ වෛද්‍යවරු: විස්තර

පිළිතුරු දුන් දිනය

2021-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks