E   |     |  

 දිනය: 2021-12-08   පිළිතුර ලබා දී ඇත 

1420/ 2021 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1420/2021

      ගරු අශෝක් අබේසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      මහනුවර, තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ මහ/තෙල්/නාමගල් දෙමළ විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කරන ලද ඩී. සෂිකුමාර් මහතා දුෂ්කර පාසලකට සාමාන්‍ය ගුරුවරයකු ලෙස ස්ථාන මාරු කරන ලද බවත්;

      (ii) මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් පසුව ශෂිකුමාර් මහතා  නැවත සේවයේ පිහිටුවීමට නිර්දේශ කරන ලදුව තෙල්දෙණිය නවනගල දෙමළ විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති ලෙස නැවත පත් කර ඇති බවත්;

      (iii) මේ වනතෙක් ඒ මහතාට රාජකාරි භාරදීම හෝ කාර්යාලය ලබාදීම සිදු කර නොමැති බවත්;

      (iv) මේ වනවිට වසරක් පමණ ගත වුවද, ඉහත සඳහන් ගැටලුව විසදීම සඳහා පියවර ගෙන නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) සෂිකුමාර් මහතාට සිදු වී ඇති අගතිය පිළිබඳව සාධාරණය ඉටුකිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-12-08

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වැඩ බලන විදුහල්පති ඩී. සෂිකුමාර් මහතා: ස්ථාන මාරු කිරීම සහ නැවත සේවයේ පිහිටුවීම

පිළිතුරු දුන් දිනය

2021-12-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks