පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1422/2021
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පසුගිය රජය විසින් 2017 ඔක්තෝබර් මාසයේදී සියලුම පාසල් සිසුන් සඳහා හඳුන්වා දෙන ලද ‘සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය’ වර්තමාන රජය විසින් 2020 වර්ෂයේදී නැවතත් ක්‍රියාත්මක කරන ලද බව එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම රක්ෂණ යෝජනා ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීම ආරම්භ වන දිනය කවරේද;
(ii) මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යම් කාල පරිච්ඡේදයක් තුළ ක්‍රියාත්මක නොවී පැවතියේද;
(iii) මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භයේ සිට පිරිනමන ලද එක් එක් කොන්ත්‍රාත්තුවෙහි කොන්ත්‍රාත් සමාගම සහ කොන්ත්‍රාත්තුව වලංගු වන දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එක් එක් කොන්ත්‍රාත්තුව ලබා දුන් ආකාරය වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) පිරිනමන ලද එක් එක් කොන්ත්‍රාත්තුවෙහි වටිනාකම වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) 2020 වර්ෂයේදී පිරිනමන ලද ‘සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය’ මඟින් ආවරණය වන සිද්ධීන්ට අදාළව යම් ප්‍රධාන වෙනස්කම් කිසිවක් සිදු වී තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නො එසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-09-24
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks