E   |     |  

 දිනය: 2023-07-07   පිළිතුර ලබා දී ඇත 

0004/ 2023 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4/2023

      ගරු චමින්ද විජේසිරි මහතා,— වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ගුවන්තොටුපළක්, ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ශ්‍රේණිගත කිරීමේදී සලකා බලනු ලබන කරුණු කවරේද;

                   (ii)      පසුගිය “යහපාලන රජය” සමයේදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වී ගබඩා කිරීම සඳහා  භාවිතා කරන ලද බව දන්නේද;

      (iii) එම වී ගබඩා කිරීම සඳහා වූ තීරණය ගැනීමට මුල් වූ දේශපාලනඥයන්ගේ හා නිලධාරින්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) එම තීරණය හේතුවෙන් ඉහත ගුවන්තොටුපළ පරිශ්‍රයට හා එම ගුවන්තොටුපළේ කීර්තිනාමයට දැඩි හානියක් සිදු වූ බව දන්නේද;

      (v) එසේ නම්, ඒ  සම්බන්ධයෙන් යම් පියවරක් ගෙන තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-07-07

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය, නාවික හා ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks