E   |     |  

 දිනය: 2023-07-07   පිළිතුර ලබා දී ඇත 

0421/ 2023 - ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 421/2023

      ගරු ගයන්ත කරුණාතිලක මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      විදේශීය රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් 2018 සහ 2021 වර්ෂවලදී ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන ලද විදේශ විනිමය ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) වි‍දේශීය රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් ප්‍රේෂණය කරන ලද විදේශ විනිමය ප්‍රමාණය, වෙනත් වර්ෂවලට සාපේක්ෂව 2021 වර්ෂයේදී අඩුවීම සඳහා ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් විවෘත වෙළඳපොළ හුවමාරු අගයට වඩා අඩු වටිනාකමක් වානිජ බැංකු විසින් ලබා දීම හේතු වූ බව පිළිගන්නේද;

      (iii) එසේ නම්, මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-07-07

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks