බලන්න

E   |     |  

 දිනය: 2023-09-07   පිළිතුර ලබා දී ඇත 

0436/ 2023 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 436/2023

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      කිලෝ ග්‍රෑම් 1ක් බරැති සම්පූර්ණ යොදය සහිත හා යොදය රහිත කිරිපිටි පැකට්ටුවක් සහ ග්‍රෑම් 400ක් බරැති සම්පූර්ණ යොදය සහිත හා යොදය රහිත කිරිපිටි පැකට්ටුවක්—

                    (i)      අලෙවි කරනු ලබන මිල;

      (ii) භාවිතා කර සකස් කළ හැකි කිරි ලීටර් ප්‍රමාණය;

      (iii) සෑදීමට භාවිතා කරනු ලබන දියර කිරි ලීටර් ප්‍රමාණය‍;

        එක් එක් සමාගම අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) ශ්‍රී ලංකාවේ අලෙවි කරනු ලබන දියර කිරි පැකට්වල පරිමාව සහ එම පරිමාව අනුව එක් එක් දියර කිරි පැකැට්ටුවක මිල වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-09-07

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වියළි කිරිපිටි සහ දියර කිරි පැකට්: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks