පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
439/2023
ගරු බුද්ධික පතිරණ මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ආනයනික මත්වතුර ඇසුරුම්වල අලවන ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩරය සඳහා ඉදිරිපත්වූ සමාගම්/ආයතන කවරේද;
(ii) එම එක් එක් සමාගම/ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත ටෙන්ඩරය ලද මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් ආයතනය ඉදිරිපත් කළ ටෙන්ඩර් පිටපත ඉදිරිපත් කරන්නේද;
(iv) එම ආයතනයට ටෙන්ඩරය ප්‍රදානය කිරීම අනුමත කළ පුද්ගලයන් කවුරුන්ද;
(v) අනෙකුත් ආයතනවලට සාපේක්ෂව ඉහත ආයතනයට තිබූ සුදුසුකම් කවරේද;
(vi) එම ආයතනය තෝරා ගැනීමට අදාළ වාර්තාව ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වන අවස්ථාවේදී ඉහත ආයතනයට ISO 9001/14298/27001 සහතිකය හා IHMA සාමාජිකත්වය ලද බවට ලිපි තිබුණේද;
(ii) එසේ නම්, ඒවායේ පිටපත් ඉදිරිපත් කරන්නේද;
(iii) ඉහත ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ ආයතන, ජාත්‍යන්තර අසාදු ලේඛනගත ආයතන නොවන බවට තහවුරු කර ගැනීමට ක්‍රමවේදයක් තිබුනේද;
(iv) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;
(v) ඉහත ආයතනයේ දේශීය නියෝජිතයා කවුරුන්ද;
(vi) ස්ටිකර් සැපයීම සහ ආරක්ෂක ඩිජිටල් කේතයන් සැපයීම උදෙසා ඉහත ආයතනය අත්සන් කළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමේ පිටපතක් ඉදිරිපත් කරන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-12
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks