පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
821/2023
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) විශ්වවිද්‍යාල පනත යටතට නොගැනෙන විශ්වවිද්‍යාල හෝ විශ්වවිද්‍යාල ආයතන කවරේද;
(iv) ඒවා පිහිටුවා ඇති පනත් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2022 වර්ෂය වනවිට රාජ්‍ය විශ්වවිද්‍යාලවල හා අනෙකුත් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව හා ඒවායේ කථිකාචාර්යවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල විසින් පවත්වනු ලබන උපාධි පාඨමාලාවල කාලය එක් එක් උපාධි පාඨමාලාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන උපාධි අපේෂකයන් සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) සාමාන්‍ය උපාධිධාරියකු බිහි කිරීම සඳහා රජය විසින් දරනු ලබන වියදම කොපමණද;
(ii) වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයකු සහ කථිකාචාර්යවරයකු බිහි කිරීම සඳහා රජය විසින් දරනු ලබන වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-01
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
රාජ්‍ය විශ්වවිද්‍යාල හා අනෙකුත් විශ්වවිද්‍යාල: විස්තර
පිළිතුරු දුන් දිනය
2023-12-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks