E   |     |  

 දිනය: 2012-03-23   පිළිතුර ලබා දී ඇත 

2109/ 2012 - ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2109/’11

       

      ගරු ජෝන් අමරතුංග මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       සේවක අර්ථසාධක අරමුදල විසින් සීමාසහිත ගලදාරි හෝටල් ලංකා සමාගම, සීමාසහිත ලාෆ්ස් ගෑස් සමාගම සහ සීමාසහිත සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් සමාගම යන සමාගම්වල ලබාගෙන ඇති කොටස් සංඛ්‍යාව කොපමණද;

      (ii) එම එක් එක් කොටස් ප්‍රමාණයන් මිලදී ගත් දිනයන් කවරේද;

      (iii) ඉහත කී කොටස් ගත් මිල කවරේද;

      (iv) එම කොටස් මිලට ගත්තේ කවර පුද්ගලයන්ගෙන්ද;

      (v) ඉහත කී කොටස් මිලට ගැනීමෙන් පසු විකුණන ලද්දේ නම්, එම එක් එක් කොටස් ප්‍රමාණය විකුණන ලද්දේ කවර පුද්ගලයින් හටද;

      (vi) ඉහත කී එක් එක් කොටස් ප්‍රමාණය විකුණන ලද මිල කවරේද; සහ

      (vii) මෙම ගනුදෙනුවලට සම්බන්ධවූ තැරැව්කරුවන්ගේ නම් කවරේද;

      යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-03-23

අසන ලද්දේ

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පෞද්ගලික සමාගම්වලින් සේවක අර්ථසාධක අරමුදල මිලට ගත් කොටස් : විස්තර

පිළිතුරු දුන් දිනය

2012-11-30

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සරත් අමුණුගම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks