E   |     |  

 දිනය: 2012-04-03   පිළිතුර ලබා දී ඇත 

2110/ 2012 - ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2110/’11

       

      ගරු ජෝන් අමරතුංග මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි පිහිටි වාණිජ බැංකුවල, සේවක අර්ථසාධක අරමුදල මගින් හිමිකාරීත්වය දරන කොටස් හිමිකමේ වටිනාකම, එම එක් එක් බැංකුව අනුව කොපමණද;

        (ii)  ඉහත සඳහන් එක් එක් සමාගමේ කොටස් ප්‍රමාණයන් මිලදීගත් දිනයන් කවරේද;

        (iii)  එම එක් එක් සමාගමේ කොටස් හිමිකම මිලදීගනු ලැබුවේ කවර පුද්ගලයකු සහ/හෝ පුද්ගලයින්ගෙන්ද;

        (iv)  එම එක් එක් කොටස් ප්‍රමාණය මිලදීගනු ලැබූ වටිනාකම කවරේද;

        (v)  ඉහත සඳහන් අයුරින් මිලදීගත් කොටස් පසුව විකුණා ඇත්නම්, එම කොටස් විකිණූ මිල කවරේද සහ එම කොටස් විකුණනු ලැ‍බුවේ කවර පුද්ගලයන්ටද;

        (vi)  එලෙස කොටස් හිමිකාරීත්වය දරන එක් එක් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා රජය සහ/හෝ සේවක අර්ථසාධක අරමුදල හෝ විසින් නම් කළ අයගේ නම්, තනතුරු සහ අධ්‍යාපන සුදුසුකම් කවරේද; 

      යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-04-03

අසන ලද්දේ

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බැංකු සේවක අර්ථසාධක අරමුදල මඟින් හිමිකාරිත්වය දරන කොටස් : විස්තර

පිළිතුරු දුන් දිනය

2012-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සරත් අමුණුගම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks