පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
852/2023
ගරු ගාමිණී වලේබොඩ මහතා,— බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි-සිනමා උද්‍යානය පසුගිය රජය විසින් ඉදිකර ජනතා අයිතියට පත් කරන ලද බවත්;
(ii) මේ වනවිට එම උද්‍යානය ඵලදායි ලෙස භාවිතා නොකිරීම හේතුවෙන් එහි සම්පත් විනාශ වෙමින් පවතින බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් ටෙලි-සිනමා උද්‍යානය ඉදිකිරීම සඳහා ආයෝජනය කරන ලද මුදල කොපමණද ;
(ii) මේ වනවිට ඉහත උද්‍යානයේ රූගත කිරීම් සිදු කරන්නේද;
(iii) එම උද්‍යානයේ ඇති සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා පවතින වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-23
අසන ලද්දේ
ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි-සිනමා උද්‍යානය: සම්පත් ආරක්ෂා කිරීම
පිළිතුරු දුන් දිනය
2023-10-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks