බලන්න

E   |     |  

 දිනය: 2023-04-06   පිළිතුර ලබා දී ඇත 

1313/ 2023 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1313/2023

      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      ප්‍රංශ රජයේ ණය ආධාර මත ක්‍රියාත්මක කරනු ලබන නැගෙනහිර පළාතේ, මුන්දෙනායි ආරු ගංගා ද්‍රෝණි ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු යටතේ ජලාශ 02ක් ඉදිකිරීමට නියමිත බවත්;

      (ii) එම ජලාශවල මැටි වේලි ඉදිකිරීම සඳහා විදේශීය උපදේශකයන්ගේ සහාය ලබා ගැනීමට ඉහත ව්‍යාපෘතියට ණය ආධාර ලබා දෙනු ලබන පාර්ශ්වයන් අපේක්ෂා කරන බවත්;

      (iii) එහෙත්, විශේෂඥ දැනුමක් සහිත ඉංජිනේරුවන් මෙරට සිටින බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) විදේශීය උපදේශකයන්ගේ සේවය ලබා ගත යුතු බවට ණය ලබා දෙනු ලබන පාර්ශ්වයන් විසින් බලපෑම් කළේ ද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නැගෙනහිර පළාතේ, ගල්ඔය නවෝදය ව්‍යාපෘතියේ සියලුම අරමුදල් වැය කර ඇතත් මේ වනවිටත් යාන්ත්‍රික වැඩ කොටස් ඇතුළු සමහර වැඩ නිම කර  නොමැති වීමෙන්, එම ව්‍යාපෘතියේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කර නොමැති බව දන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-04-06

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks