E   |     |  

 දිනය: 2023-12-02   පිළිතුර ලබා දී ඇත 

1335/ 2023 - ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1335/2023

      ගරු මොහමඩ් මුසම්මිල් මහතා,—  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ  ඇති බෞද්ධ විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම විහාරස්ථාන අතරින් විශාල වශයෙන් අඩුපාඩු සහිත විහාරස්ථාන හඳුනාගෙන තිබේද;

      (iii) එසේ නම්, ඒවා කවරේද;

      (iv) එම විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා පියවර ගෙන තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඉහත සඳහන් විහාරස්ථාන අතරින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන හඳුනාගෙන තිබේද;

      (ii) එම විහාරස්ථාන සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-12-02

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මඩකලපුව දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථාන: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-12-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks