E   |     |  

 දිනය: 2023-03-24   පිළිතුර ලබා දී ඇත 

1539/ 2023 - ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1539/2023

      ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,—  කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ගෘහසේවිකාවන් ලෙස වාර්ෂිකව විදේශ ගතවන ශ්‍රී ලාංකික කාන්තාවන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)      එසේ විදේශ ගතවීමේදී සේවා ගිවිසුම් අත්සන් කරන්නේද;

      (iii) එසේ නම්, එම සේවා ගිවිසුමේ වලංගු කාලය කොපමණද;

      (iv) ඉහත සඳහන් ගෘහසේවිකාවන් හා ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පසු විපරම් සිදු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-03-24

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වන කාන්තාවන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-04-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මනූෂ නානායක්කාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks