E   |     |  

 දිනය: 2023-06-06   පිළිතුර ලබා දී ඇත 

1542/ 2023 - ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1542/2023

      ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසලේ පුහුණුව ලැබූ  සංඛ්‍යාව කොපමණද;

                  (ii)       පුහුණුව අවසන් කිරීමෙන් පසු එම පුහුණවට අදාළ වෘත්තීන්වල නිරතවන  සංඛ්‍යාව කොපමණද;

      (iii) පුහුණුව අවසන් කරන ලද තරුණ වරදකරුවන් සම්බන්ධයෙන් පසුවිපරම් සිදු කරන්නේද;

      (iv) ඔවුන් දේශීය හා විදේශීය රැකියා සඳහා  යොමු කිරීමට වැඩපිළිවෙළක් තිබේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-06-06

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල: පුහුණු වන්නන්

පිළිතුරු දුන් දිනය

2023-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks