E   |     |  

 දිනය: 2023-11-09   පිළිතුර ලබා දී ඇත 

1550/ 2023 - ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1550/2023

      ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       වර්ෂ 2019 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කුරුඳු වගාකරුවන් අතර බෙදා දී ඇති කුරුඳු පැල සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එක් කුරුඳු වගාකරුවෙක් වෙත ලබා දී ඇති කුරුඳු පැල සංඛ්‍යාව කොපමණද;

       (iii) එම කුරුඳු පැල බෙදා දී ඇති ප්‍රදේශ කවරේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) කුරුඳු පැලවලට අමතරව කුරුඳු වගාකරුවන්ට ලබා දෙනු ලබන වෙනත් පහසුකම් කවරේද;

      (ii) වර්ෂ 2019 සිට මේ දක්වා කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-11-09

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුඳු වගාකරුවන්ට ලබා දී ඇති කුරුඳු පැළ සහ අනිකුත් පහසුකම්: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks