E   |     |  

 දිනය: 2023-06-06   පිළිතුර ලබා දී ඇත 

1578/ 2023 - ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1578/2023

      ගරු සංජීව එදිරිමාන්න මහතා,—  මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ වනවිට මිනීමැරුම් ඇතුළු බරපතල ගණයේ අපරාධ සිදු කරනු ලබන බව පිළිගන්නේද;

                  (ii)       ඒවා මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සතුව විධිමත් වැඩපිළිවෙළක් තිබේද;

      (iii) ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් සිදු කරනු ලබන නිවාස මංකොල්ලකෑම්වලට අදාළ විමර්ශන  කඩිනමින් සිදු  නොකරන බව දන්නේද;

            (iv) පෙර පැවති ආරක්ෂක කමිටු සක්‍රියව පවත්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

      (v) සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් සහ ඒ ආශ්‍රිත මිනිස් ඝාතන වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-06-06

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බරපතළ අපරාධ: වැළැක්වීමේ වැඩ පිළිවෙළ

පිළිතුරු දුන් දිනය

2023-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටිරාන් අලස්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks