E   |     |  

 දිනය: 2023-11-09   පිළිතුර ලබා දී ඇත 

1586/ 2023 - ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1586/2023

      ගරු සංජීව එදිරිමාන්න මහතා,—  ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       කළුතර දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් ගංවතුර තත්ත්වයන් ඇති වන බවත්;

                   (ii)       වර්ෂයකට දෙතුන් වතාවක් ගංවතුරෙන් යටවන ප්‍රදේශ එම දිස්ත්‍රික්කයේ පවතින බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර ඇති වීම පාලනය කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

      (ii) එම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම සඳහා මේ වනවිට සකස් කර ඇති සැලසුම්  කවරේද;

      (iii) එම සැලසුම් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශ කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-11-09

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය: සැලසුම්

පිළිතුරු දුන් දිනය

2024-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks