E   |     |  

 දිනය: 2023-10-03   පිළිතුර ලබා දී ඇත 

1621/ 2023 - ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1621/2023

      ගරු තිස්ස අත්තනායක මහතා,—  වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      2020 මැයි 07 දිනැති අංක අමප/20/0722/218/010 දරන අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් වෙත කඩිනමින් ණය සහන ලබා දීම සඳහා 2020 වර්ෂයේදී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලද බව දන්නේද;

      (ii) ඉහත සඳහන් අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් කර ඇති එක් නිර්ණායකයකට අනුව, 2020 වර්ෂයේදී පුත්තලම දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය සඳහා සමූපකාර කොමසාරිස්වරයා නිර්දේශ කර තිබු රු. 10,000,000/-ක ණය සීමාව ඉක්මවා රු. 70,000,000/-ක ණය මුදලක් ලබා දීමට හේතු වූ කරුණු කවරේද;

      (iii) නිර්දේශිත ණය සීමාව ඉක්මවා ණය ලබා දී‍ම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-10-03

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පුත්තලම දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිතිය: සීමාව ඉක්මවා ලබා දුන් ණය

පිළිතුරු දුන් දිනය

2023-10-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks