E   |     |  

 දිනය: 2024-01-09   පිළිතුර ලබා දී ඇත 

1625/ 2024 - ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1625/2023

      ගරු තිස්ස අත්තනායක මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      වර්ෂ 2015 සිට 2020 දක්වා කාලය තුළදී පාරි‍භෝගික කටයුතු පිළිබඳ   අධිකාරියේ නීති අංශයේ ලියාපදිංචි කරන ලද පැමිණිලි 1556ක් අතරින් 2020 දෙසැම්බර් මස 31 දින වනවිට විසඳුම් ලබා දී තිබූ පැමිණිලි සංඛ්‍යාව;            විමර්ශන කටයුතු අවසන් නොකරන ලද පැමිණිලි සංඛ්‍යාව; ඉවත්කර ගන්නා ලද පැමිණිලි සංඛ්‍යාව  සහ කැඳවීම් කිරීමට නියමිතව ඇති පැමිණිලි සංඛ්‍යාව එක් එක්  වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර ඒ සඳහා විසඳුම් ලබා දීමට නොහැකි වීමට හේතු කවරේද;

      (iii) අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය කර විසඳුම් ලබා දීම සඳහා දීර්ඝ කාලයක් ගතවීම වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගන්නේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-01-09

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2015-2020 දක්වා පාරි‍භෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි කළ පැමිණිලි: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks