E   |     |  

 දිනය: 2023-03-21   පිළිතුර ලබා දී ඇත 

1633/ 2023 - ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1633/2023

      ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       දිවයිනේ මාර්ග කි.මි. 100,000ක් කාපට් කිරීමේ වැඩසටහන යටතේ මේ වනවිට කාපට් අතුරා ඇති මාර්ගවල දිග;

                   (ii)       ඉහත වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩ ආරම්භ කර ඇති මාර්ගවල දිග;

      (iii) ඒ අතරින් මේ වනවිට වැඩ අවසන් කර ඇති මාර්ගවල දිග;

        කිලෝමීටර්වලින් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ‍ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගොඩකවෙල සිට බිබිලේගම දක්වා මාර්ගයේ කිලෝමීටර් 5ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු මේ වනවිට නතර කර ඇති බවත්;

      (ii) ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දුෂ්කරතා රාශියකට මුහුණ දෙන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ඇ) (i) ඉහත සඳහන් මාර්ගයේ වැඩ ආරම්භ කරන ලද දිනය කවරේද;

        (ii) කොන්ත්‍රාත් ගිවිසුම අනුව වැඩ  අවසන් කිරීමට නියමිත දිනය කවරේද;

        (iii) එම මාර්ගයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-03-21

අසන ලද්දේ

ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks