E   |     |  

 දිනය: 2024-01-09   පිළිතුර ලබා දී ඇත 

1688/ 2024 - ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1688/2023

      ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       වවුනියාව-සෙට්ටිකුලම් මූලික රෝහලෙන් පවුල් 8,614කට අයත් පුද්ගලයින් 28,201ක් පමණ වෛද්‍ය සේවාවන් ලබා  ගනු ලබන බවත්;

                   (ii)      එම රෝහලේ මුලික පහසුකම් නොමැති වීමෙන් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට එම ජනතාවට කි.මි. 40ක් පමණ දුරින් පිහිටි වවුනියාව රෝහලට යාමට සිදු වී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) සෙට්ටිකුලම් මූලික රෝහලේ අංක 1,2,3,4,5 හා 6 යන වාට්ටු ගොඩනැගිලි, රසායනාගාර සහ සායනික කටයුතු පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල පැරණි බවත්;

      (ii) සෙට්ටිකුලම් රෝහලේ මෘත ශරීරාගාරයක් පැවතියද, එහි අධිකරණ වෛද්‍යවරයෙකු සහ හදිසි මරණ පරීක්ෂකවරයෙකු නොමැති බවත්;

        (iii) ඒ හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘතදේහ වවුනියාව රෝහල වෙත රැගෙන යාමට සිදු වී ඇති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ඇ) (i) එසේ නම්, ඉහත ආ (i)හි සඳහන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට මුදල් වෙන් කරන්නේද;

      (ii) එම රෝහලට අධිකරණ වෛද්‍යවරයෙකු සහ හදිසි මරණ පරීක්ෂකවරයෙකු පත් කිරීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-01-09

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වවුනියාව-සෙට්ටිකුලම් මූලික රෝහල: ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සහ පුරප්පාඩු

පිළිතුරු දුන් දිනය

2024-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රමේෂ් පතිරණ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks