පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1819/2023
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(iii) එම දුම්රිය මැදිරි ගෙන්වනු ලැබූ රටවල් කවරේද;
(iv) එම දුම්රිය මැදිරි ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සමාගම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත මැදිරි අතරින් මේ වනවිට ධාවනයට යොදවා ඇති දුම්රිය මැදිරි සංඛ්‍යාව කොපමණද;
(ii) ධාවනයට යොදා නොගෙන මේ වනවිට ගාල් කර ඇති දුම්රිය මැදිරි සංඛ්‍යාව කොපමණද;
(iii) ඒවා ධාවනයට යොදා නොගැනීමට හේතු කවරේද;
(iv) එම දුම්රිය මැදිරි කඩිනමින් ධාවනයට යොදා ගැනීම සදහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-06
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
2015 සිට ආනයනය කරන ලද දුම්රිය මැදිරි: විස්තර
පිළිතුරු දුන් දිනය
2023-12-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks