E   |     |  

 දිනය: 2012-11-23   පිළිතුර ලබා දී ඇත 

2245/ 2012 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2245/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— සංස්කෘතික හා කලා ක‍ටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාව තුළ ඇති ලෝක උරුම ස්ථානයන් කවරේද;

                  (ii)       එවැනි දර්ශනීය ස්ථානයන් මනා තත්ත්වයෙන් පවත්වා‍ගෙන යාම සහ නඩත්තු කිරීම වෙනුවෙන් වැය කරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;

        (iii)  පසුගිය වර්ෂ තුනක කාලය තුළ, දේශීය ‍ලෝක උරුම ස්ථානයන් නැරඹීම සඳහා පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (iv)  පසුගිය වර්ෂ තුනක කාලය තුළ, එම ස්ථානවලින් උපයා ගන්නා ලද ආදායම කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ)  2010 සහ 2011 වර්ෂයන්හිදී ඉහත කී ස්ථානයන්හි සෘජු හා වක්‍ර ලෙස සේවයේ යෙදී සිටි පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද යන්න වෙන් වෙන් වශයෙන්  එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-11-23

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංස්කෘතික හා කලා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දේශීය ‍ලෝක උරුම ස්ථාන නඩත්තුව : වැය කළ මුදල

පිළිතුරු දුන් දිනය

2013-12-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. ඒකනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks