පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2400/2023
ගරු ඉෂාක් රහුමාන් මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව සිදු කරනු ලබන ප්‍රදේශ කවරේද;
(ii) ශ්‍රී ලංකාවේ වාර්ෂික ඉස්සන් නිෂ්පාදනය කොපමණද;
(iii) ඉස්සන් වගා කර්මාන්තය සඳහා ලබා දී ඇති සහන කවරේද;
(iv) ඉස්සන් වගාකරුවන් දිරිගැන්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අපනයනය කිරීම සඳහා ඉස්සන් වගාව සිදු කරනු ලබන ව්‍යවසායකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) වර්ෂ 2016 සිට මේ දක්වා ඉස්සන් අපනයනය කිරීමෙන් උපයා ගන්නා ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉස්සන් අපනයනය කිරීමෙන් උපයා ගනු ලබන ආදායම ඉහළ නංවා ගැනීම සඳහා කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-04
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
ඉස්සන් වගාව සහ අපනයනය: විස්තර
පිළිතුරු දුන් දිනය
2023-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks