බලන්න

E   |     |  

 දිනය: 2023-11-10   පිළිතුර ලබා දී ඇත 

2624/ 2023 - ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2624/2023

      ගරු නීතීඥ මධුර විතානගේ මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       වර්ෂ 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ යම් අක්‍රමිකතාවයක්, අයථා පත්වීමක්, දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධි ක්‍රියාවක් සිදු වී තිබේද;

                   (ii)       එසේ නම්, ඒවා වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) ඉහත සඳහන් එක් එක් කරුණ හේතුවෙන් රජයට අහිමි වී ඇති මූල්‍ය, දේපල හා මානව සම්පත්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) ඉහත (අ) (i) හි සඳහන් ක්‍රියා සඳහා වගකිව යුතු නිලධාරින් හඳුනාගැනීමට විමර්ශන සිදු කර තිබේද;

      (ii) වගකිව යුතු නිලධාරින් හඳුනාගෙන ඇත්නම්, ඔවුන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      (iii) ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන නොමැති නම්, ඊට හේතු කවරේද;

      (iv) ඉදිරියේදී ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගනු ලබන්නේද;‍

      (v) ඉදිරියේදී  සිදු විය හැකි මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා ගනුලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-11-10

අසන ලද්දේ

ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය: අක්‍රමිකතා

පිළිතුරු දුන් දිනය

2024-01-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිලුම් අමුණුගම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks