E   |     |  

 දිනය: 2024-01-11   පිළිතුර ලබා දී ඇත 

2851/ 2024 - ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2851/2023

      ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අස්වැන්න බහුල කාලවලදී එම අස්වැන්න මිලදී ගෙන ගබඩා කර තැබීම සඳහා ක්‍රමවේදයක් තිබේද;

                   (ii)       එසේ නම්, එම මිලදී ගනු ලබන මත්ස්‍ය අස්වැන්න ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් තිබේද;

      (iii) මත්ස්‍ය අස්වැන්න අඩු වාරකන් කාලවලදී, පාරිභෝගිකයන්ට සහන මිලට මාළු ලබා දීමට ක්‍රමවේදයක් තිබේද;

      (iv) ධීවරයා හා පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ)  නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-01-11

අසන ලද්දේ

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අස්වැන්න බහුල කාලවලදී ලැබෙන මත්ස්‍ය තොග: ගබඩා පහසුකම්

පිළිතුරු දුන් දිනය

2024-01-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks