E   |     |  

 දිනය: 2023-10-19   පිළිතුර ලබා දී ඇත 

3080/ 2023 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3080/2023

      ගරු අශෝක් අබේසිංහ මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)     වර්ෂ 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින්—

                 (i)       නිකුත් කරන ලද මාසික සහ වාර්ෂික වාර ප්‍රවේශ පත්‍ර සඳහා;

                 (ii)      ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින්ට නිකුත් කරන ලද වාර ප්‍රවේශ පත්‍ර සඳහා;

      (iii) ක්‍රියාත්මක කරන ලද “නිසි සැරිය”, “ගැමි සැරිය” හා “සිසු සැරිය” ප්‍රවාහන සේවා සඳහා;

      මහා භාණ්ඩාගාරය විසින් ලබා දෙන ලද සහනාධාර මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) එම සහනාධාර මුදල් මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ලබා දෙන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-10-19

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2010-2015 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සපයන ලද සේවා: භාණ්ඩාගාරය ලබා දුන් සහනාධාර

පිළිතුරු දුන් දිනය

2023-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks